Saturday, May 18, 2024

General line - 0115112241

පොලිස් වෙඩි පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහලට




වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ නිවසක් තුළදී සැමියා විසින් සිය බිරිඳට පහරදෙන බවට වාද්දූව පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.

ඒ අනුව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරින් එම නිවසට ගොස් ඇති අතර අදාළ පුද්ගලයා ඒ වන විටත් සිය බිරිඳට වීදුරු බෝතලයකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එය පාලනය කිරීම සඳහා පළමුව අහසට වෙඩි තැබූ බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් එහිදීද පොලිස් නිලධාරින්ට සැකකරු පාලනය කරගැනීමට නොහැකිවී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරින් විසින් අදාළ පුද්ගලයාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.