Saturday, May 18, 2024

General line - 0115112241

පහර කෑමකට ලක්වූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහලේ

රංජිත් කරුණාවීර




පහර කෑමකට ලක්ව බරපතල තුවාල ලැබූ පදියතලා පොලිස් ස්ථානාධිපතිවරයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනියම් සබදතාවක් මුල්කර ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරයා එලෙස පහර කෑමට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, පදියතලාව, සරණගම ප්‍රදේශයේ නිවසකදීයි.

දියතලාව යුධ හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන පහරදීම සිදුකළ පුද්ගලයා මහියංගණ පොලිසිය වෙත භාරවී තිබෙනවා.

මහියංගණ මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු පදියතලා පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකරු දෙහිඅත්තකන්ඩිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.