Saturday, May 18, 2024

General line - 0115112241

රජය ගත් විප්ලවීය පියවරක් ගැන ජනපති කතා කරයි




ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මකවී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.


මේ අතර එම උත්සවයට එක්වූ වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසුවේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බවයි.


මේ අතර “උරුමය” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද සිදුවුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්.