Saturday, May 18, 2024

General line - 0115112241

රග්බි අවසන් මහා තරඟයේ ජය ශ්‍රී ලංකාවට




2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.  

ඒ, කසකස්තාන කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත් කරමින්.

තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 7ක් සහ ප්‍රවර්ථන 5ක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළ අතර කසකස්තාන කණ්ඩායමට සාර්ථක කර ගැනීමට හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණයි.

මෙම තරඟාවලිය පසුගිය අප්‍රේල් 28වනදා කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ වූ අතර කටාර්, ඉන්දියාව, ජපානය, හොංකොං සහ දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් එක්ව සිටියා.

ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 44 වන ස්ථානයේ පසුවන අතර කසකස්තාන කණ්ඩායම එහි 64වන ස්ථානයේ පසුවනවා.