Saturday, May 18, 2024

General line - 0115112241

ඉල්ලීම් ගැන සාකච්ඡා කරන්න රජයේ විධායක නිලධාරීන්ට ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක්




සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවක් ලබාදී ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සභාපති එච් ඒ එල් උදයසිරි පැවසුවේ එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම්වරයා හෝ කවුරුන් සමඟදැයි මෙතෙක් නොදන්නා බවයි.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පසුගිය දෙවනදා සහ තුන්වනදා සිය සාමාජිකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව ලැබී ඇති බවද ඔහු කියා සිටියා. 


ඉංජිනේරු, කෘෂිකර්ම, පශු වෛද්‍ය ඇතුළු සේවා 18කට අයත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන නිලධාරින් පසුගිය දින දෙකේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීම හේතුවෙන් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව පීඩාවට පත්වුණා.