Saturday, May 18, 2024

General line - 0115112241

සහල් වැඩසටහන කඩාකප්පල් කිරීමේ කණ්ඩායම් ගැන ඇමති අමරවීරගෙන් අනාවරණයක්




රජය විසින් අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනේදී කිසියම් පුද්ගලයෙකු හෝ යම් කණ්ඩායමක් අක්‍රමවත් ලෙස කටයුතු කර ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අඩු ආදායම් ලාභී ජනතාවට පසුගියදා බදුල්ල ප්‍රදේශයේදී නොමිලේ සහල් බෙදා හැරීම සිදු කළ අතර එහිදී සහල් ලබා ගත් ඇතැම් ජනතාව චෝදනා කළේ තමන් වෙත ප්‍රමිතියෙන් තොර සහල් ලබා දුන් බවයි. 

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේද අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදා දීමේ වැඩසටහනේදී ඇතැම් නිලධාරීන් සහල් බෙදා දීමට පෙර මුදලක් අය කර ගත් බවයි එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ.