Saturday, May 18, 2024

General line - 0115112241

පාසල් ළමුන්ගේ මානසික සෞඛ්‍ය ගැන සුසිල් කතා කරයි




පාසල් පද්ධතිය තුළ මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් නිසි මානසික ඒකාග්‍රතාවකින් යුතුව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

එමගින් ගුරුවරුන්ට නිසි ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවකාශ සැලසෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙහිදී කියා සිටියේ. 


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවති ගෝලීය සති සමුළුවට එක්වෙමින්.