Sunday, May 19, 2024

General line - 0115112241

 පොදු සමාව යටතේ යුධ හමුදා සෙබළුන් 9,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත් වෙයි




නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත්වී ඇති බවයි යුද හමුදා මූලස්ථානය පැවසුවේ.

මේ අතර යුද හමුදා සාමාජිකයින් 9,735 දෙනෙකුද ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවනවා.