ඉදිවෙමින් පවතින මහනුවර-කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ ඉදිකළ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් අද දිනයේ එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.
2021 වර්ෂයේ මෙම කොන්ක්‍රීට් ආධාරක ඉදිකර ඇති බවටයි වාර්තා වන්නේ. ඉන් එක් කොන්ක්‍රීට් ආධාරකයක් පෙරේදා පස්වරුවේ කඩාවැටී ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවේ.