Sunday, May 19, 2024

General line - 0115112241

බෝගම්බරට හෝටලයක්

හේරත් ඒකනායක




පැරණි බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත්වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසනවා.

එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

බෝගම්බර බන්ධනාගාරයට අක්කර 13ක භූමි ප්‍රමාණයක් අයත්.

හෝටල් පරිශ්‍රය ඉදිකිරීම සඳහා පළමු අදියර යටතේ බන්ධනාගාර ගොඩනැගිල්ල සහ ප්‍රධාන භූමිය සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක ඊ.එම්.එස්.බී. ඒකනායක පැවසුවේ.