Sunday, May 19, 2024

General line - 0115112241

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පිරිසකට තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර




ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකට තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව විශ්‍රාම ගිය නිලධාරින් පිරිසකට එලෙස වාහන ආනයන බලපත්‍ර ලබාදෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරින් සඳහා මෙම සහනය හිමිව තිබෙනවා.