Sunday, May 19, 2024

General line - 0115112241

බෝම්බයක් අතැතිව දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට




හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම සහ බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් එම ස්ථානයට ගොස් සිදුකළ මුදාගැනිමේ මෙහෙයුමකදීයි.

සිය බිරිඳ සමඟ ඇතිවු ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්බෝම්බයක් අතැතිව පැමිණ තම දරුවන් එලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් අද අළුයම 03.35ට පමණ එම නිවසට ඇතුළුවී ආරක්ෂිතව දරුවන් දෙදෙනා මුදාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම සැකකරු ද ජීව අත්බෝම්බය සමඟ ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.