Sunday, May 19, 2024

General line - 0115112241

පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි




බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්.