Sunday, May 19, 2024

General line - 0115112241

වීසා සිද්ධියට කටුනායක ගුවන් තොටුපොළේදී කලහ කළ තරුණයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී

ටී.කේ.ජී. කපිල




කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සඳහා මුදල් අයකර ගැනීම ඉන්දීය සමාගමට පවරා ඇතැයි පසුගිය පළමුවනදා කලහකාරී ලෙස අදහස් ප්‍රකාශ කළ නීතීඥ සඳරු කුමාරසිංහ අද ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැදවා තිබුණා.

එහිදී පැයයි මිනිත්තු 40ක ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව පොලිස් නිලධාරින් විසින් තමන් නිදහස් කළ බවයි එම තරුණයා පැවසුවේ.

සිය රුසියානු ජාතික පෙම්වතිය සමඟ තමන් එදින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත්, තමන්ට සහ ඇයට එහි තිබූ දිගු පෝලිම්වල රැදී සිටීමට සිදු වීම නිසා, තමන් එසේ අදහස් ප්‍රකාශ කළ බවත් ඔහු පැවසුවා.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වීසා නිකුත් කිරීම සඳහා එදින රාජකාරි සිදුකළේ මෙරට නිළධාරින් බවයි.

එමෙන්ම අදාළ තරුණයා එදින හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්ද අමාත්‍ය ටිරාන් අලස් එම මාධ්‍ය හමුවේදී අදහස් පළකළා.


අදාළ සිද්ධිය වීඩියෝ ගතකළ පුද්ගලයා සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවයි මාධ්‍යවේදයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසුවේ.


කෙසේවෙතත් එදින කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුණු  තරුණයා පොලිසිය හමුවේ අද ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් මෙලෙස අදහස් පළකළා. 


මේ, අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස්.