Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රාණ ඇපයට ගත් දරුවන්ට සැකකාර පියා එන්නතක් විද ඇතැයි අනාවරණයක්




හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.    

ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

සැකකරු විසින් සිය දරුවන්ට එන්නතක් ශරීරගත කර ඇති බවට නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසූවේ.