Tuesday, October 22, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයා ගැන මහින්දටත් වෙනස් කරන්න බැරි පොහොට්ටුවෙන්ම ආ යෝජනාව

එන් ඒ ඩබ් නිරෝෂන්




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගත යුත්තේ යෝජනා කරන සුදුසුකම් තුන සපුරා ඇති පුද්ලයෙකු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවටත්, විධායක සභාවටත්, දේශපාලන මණ්ඩලයටත් එම යෝජනාව තමන් විසින් ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව තමන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සහ එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මෙම අදහස් පළකළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන් විමසා සිටියා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් කළේදැයි මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්තගෙන් ද එහිදී විමසීමක් කළා.