Saturday, May 18, 2024

General line - 0115112241

රටේ අධ්‍යාපන ලොක්කන් ඔක්කොම කොළඹට




දිවයිනේ සියලූ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ විභාග විෂයන් භාර අධ්‍යක්‍ෂවරුන් හෙට දිනයේ කොළඹට කැදවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළ මෙහෙයුම් වැඩපිලිලෙට අදාළ උපදෙස් ලබාදීමට බවයි විභාග කොමසාරිස් ඩබ්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර විභාග මධ්‍යස්ථානවල රාජකාරී සිදුකරන ශාලාධිපතිවරුන් සහ සහකාර ශාලාධිපතිවරුන්ද මේ මස අවසන් සතියේදී විභාගයට අදාළ උපදෙස් ලබාදීමට නියමිතයි. එමෙන්ම විභාග දිනට පෙර දින විභාග මධ්‍යස්ථානවල රාජකාරීවල නිරත සියලූ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.
මෙවර උසස් පෙළ විභාගය අගොස්තු මස 2 වනදා සිට අගෝස්තු මස 27 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පහළොස් දහස් හයසිය පහක් පෙනී සිටීමට නියමිතයි.