Saturday, May 18, 2024

General line - 0115112241

ලයිට් නැති වතුර නැති කොළඹ පෝට් සිටි!




පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම ජලය, විදුලි බලය සහ කැළිකසල හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

ව්‍යාපෘතිය භාරව සිටින චීන සමාගම සහ ඊට අනුබද්ධිත තවත් දේශීය සහ විදේශීය ආයතන කිහිපයක් ඉදිකිරීමේ ඉදිරි කි‍්‍රයාවලිය පිළිබද මෙරට ඉහළම දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකදී මෙම තත්ත්වය උදාවුණා. මෙම සාකච්ඡාවට මෙරට රාජ්‍ය යාන්ත‍්‍රණය නියෝජනය කරමින් අදාළ සියලූ පාර්ශව කැදවා තිබුණා. පෝර්ට් සිටි නව නගරය සකස් කරන කාලය සහ එය අවසන් වූ විට දෛනිකව එකතු වන කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් දැනට කොළඹ නගරයේ එම වගකීම දරන නගර සභාව විසින් පවතින අඩුපාඩුකම් රැසක් මෙහිදී පෙන්වා දුන්නා.

විදුලිබල ක්‍ෂේත‍්‍රය නියෝජනය කරමින් එම සාකච්ඡාවට පැමිණි රාජ්‍ය නිලධාරීන්ද කියා සිටියේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය විසින් ඉල්ලා සිටින ප‍්‍රමාණයේ විදුලිබල සැපයුමක් දැනට ජාතික පද්ධතියෙන් ලබාදිය නොහැකි බවයි. ඉන් පසුව ජලය පිළිබද ඇති වූ සංවාදයේදී එම විෂය භාරව පැමිණි නිලධාරීන් කියා සිටියේ කැළණි ගගේ සහ කළු ගගේ ජලය ලබාගන්නා සියලූම ස්ථානවලින් මේ වනවිට ජලය ලබාගෙන අවසන් බවයි. මෙම ප‍්‍රධාන සේවා තුන සැපයීම සදහා වෙනම ව්‍යාපෘති අවශ්‍ය බව ඔවුන් සියලූම දෙනා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළා. මේ හේතුවෙන් අදාළ සාකච්ඡාවේ සිටි මෙරට දේශපාලන බලධාරීන්ද චීන නියෝජිතයන් ඉදිරියේ දැඩි අපහසුතාවට ලක් වුණා. කෙසේවෙතත් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.

Colombo_Port_2016 slider-1 slider-2 slider-3 slider-4 slider-5 srilanka_DLBG