Friday, May 17, 2024

General line - 0115112241

“තණ්හාය ජායතී ශෝකෝ යකෝ” කිව්වට ඇහුවේ නැහැනේ




අද වන විට රටට නායකයෙකු නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

මාධ්‍ය අමතමින් ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේ අද වන විට රට පංචවිද අර්බුදයකට මැදි වී සිටින බවයි.

“2015 ජනවාරි මාසේ අට වෙනිදා කියන්නේ ලංකාවේ සමස්ථ ජාතියම එකතුවෙලා රන් බිත්තර දුන් තාරාවියගේ බඩ පලපු දවසයි.
ඒක වෙන බව වසර 2600කට කලින් අපේ බුදුහාමුදුරුවො තේරුම් අරන් හිටියා. ඒ නිසා තමයි බණ පදයට එකතුකරේ ‘තණ්හාය ජායතී ශෝකෝ’ කියලා.

අපි බුදුහාමුදුරුවන් තරම් සුමටව කිව්වේ නැහැ. අපට තේරුණා වැඩේ වරද්ද ගන්නයි යන්නේ කියලා. අපි වේදිකාවට ඇවිල්ලා කිව්වා තණ්හාය ජායතී ශෝකෝ යකෝ කියලා. ඒත් ඇහුවේ නැහැ ගිහිල්ලා ගැහුවා කතිරෙ හංසයට දැන් මුළු රටම අඳුරෙන් අඳුරට යමින් තිබෙනවා”.