Saturday, May 4, 2024

General line - 0115112241

ත‍්‍රී‘මල වරායේ දියුණුවට ජපානයෙන් ලොකු තෑග්ගක්




ත‍්‍රීකුණාමල වරායේ නාවික මග පෙන්වීමේ පද්ධතිය වැඩි දියුණු කිරීමට යෙන් බිලියන එකක ව්‍යාපෘති නොවන ප‍්‍රදාන ආධාරයක් ලබා දීමට ජපාන රජය එකගතාව පළ කර තිබෙනවා. 

එය දළ වශයෙන් රුපියල් බිලියන 1.3 පමණ ප‍්‍රදානයක් වනු ඇති. 

එම ආධාරය ලබා ගැනීම වෙනුවෙන් ජපාන රජය සමග හුවමාරු පත‍්‍ර අත්සන් තැබීම පිණිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

මේ අතර විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ ආරෝපණය කිරීම සදහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණයකර තිබෙනවා. 

විද්‍යුත් මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50 ක් පමණ ප‍්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක වනවා. 

එහෙත් ආරෝපණ ගාස්තු, ආරක්ෂක ප‍්‍රමිතීන් සහ මිනුම් උපකරණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් සිදු වන්නේ නැහැ. 

විද්‍යුත් මොටර් රථ හිමිකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා අදාළ මධ්‍යස්ථාන නියාමනය කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණයකර තිබෙන්නේ.