Saturday, May 4, 2024

General line - 0115112241

කිරි වීදුරුවක් බී විමල් උපවාසය අවසන් කරයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාසය අවසන්කර තිබෙනවා.

අද උදෑසන ඔහුගේ සුව දුක් විමසීමට ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනූව මන්ත‍්‍රීවරයා උපවාසය අවසන් කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර නෙත් නිවුස් වෙත සදහන් කළේ. 

මහා සංඝරත්නය විසින් ලබාදුන් කිරි වීදුරුවක් පානය කරමින් පිරිත් සජ්ජායනා මැද ඔහු උපවාසය අවසන් කළ බවයි නෙත් නිව්ස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.