Saturday, May 4, 2024

General line - 0115112241

මන්ත‍්‍රී මහින්දානන්දට තවත් නඩුවක්




පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට ලබන මැයි මස 22 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද සිතාසි නිකුත් කෙරුණා. 

ඒ නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා පත‍්‍රයකට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

 ශ‍්‍රී ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී ලෙෂ වංචා කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වනවා.

මහාධිකාරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කරමින් සදහන් කළේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කරුණු තුනක් යටතේ අධි චෝදනා ගොනු කර ඇති බවයි.