Saturday, May 4, 2024

General line - 0115112241

රැදවියන් අවධානමේ - බන්ධනාගාර රෝහලේ අඩුපාඩු රැසක් ගැන ජාතික නිදහස් පෙරමුණෙන් චෝදනා




බන්ධනාගාර රෝහලේ මේ වනවිට අඩුපාඩු රැසක් පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. 

ප‍්‍රමාණවත් රෝහල් කාර්ය මණ්ඩලයක් නොමැතිවීමෙන් බන්ධානාගාර රැදවියන්ගේ සෞඛ්‍ය තත්වය ද අවදානමකට ලක්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර පවසන්නේ. 

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීවරංශගේ සුවදුක් විමසීමට ඉකුත්දා බන්ධනාගාර රෝහලට පැමිණි අවස්ථාවේ  මේ පිළිබ`දව කරුණු හෙළි වූ බව ඔහු සදහන් කළා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණියගෙන් විමසීමක් කළා. 

ඔහු පැවසුවේ බන්ධනාගාර රෝහලේ පවතින හෙද නිළධාරී පුරප්පාඩු සදහා විශ‍්‍රාමික හෙද නිලධාරීන් බදවා ගැනීමට තීරණය කර ඇති බවයි.