Wednesday, May 15, 2024

General line - 0115112241

රංගන හේරත් පස්සට විසිවෙයි




නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සමත්වී සිටිනවා.

ඒ, ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්. එම තරගයට පෙර මැතිව්ස් පසුවුණේ 19 වන ස්ථානයේයි. නවතම ශ්‍රේණිගත කිරීමේ ඔහු 17 වන ස්ථානයේ පසුවනවා.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 36වන ස්ථානයට පත්ව තිබෙනවා. පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තවදුරටත් හිමිව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්ටයි. 

මේ අතර නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 03ක් ඉදිරියට පැමිණීමට නුවන් ප‍්‍රදීප් සමත් වී තිබෙනවා.

මේ වනවිට ඔහු පසුවන්නේ 30 වන ස්ථානයේයි. කෙසේ වෙතත් අංක 02 ස්ථානයේ සිටි රංගන හේරත් එක් ස්ථානයක් පසුබැස ඇති අතර ඔහු දැන් තුන්වන ස්ථානයේ පසුවනවා.

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තවදුරටත් හිමිව ඇත්තේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඬේජාටයි.