Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවේ කඩුළු පහකට වගකියූ සඳකැන් උඩගිය හැටි




ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී කඩුලූ 05ක් දවා ගත් ලක්ෂාන් සඳකැන් ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, ස්ථාන 16කින්. ඒ අනූව, සඳකැන් මේ වනවිට පසුවන්නේ එම සටහනේ 57 වැනි ස්ථානයේයි. රංගන හේරත් එම සටහනේ පස්වන ස්ථානයේ පසුවනවා. 

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 07කින් ඉදිරියට පැමිණි නිරෝෂන් දික්වැල්ල මේ වනවිට පසුවන්නේ එහි 61 වැනි ස්ථානයේයි. ස්ථාන 02කින් ඉදිරියට පැමිණි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් 33 වැනි ස්ථානයේ පසුවනවා. ඇන්ජිලෝ මැතිව්ස් එම සටහනේ 19 වැනි ස්ථානයේ පසුවන අතර කුසල් මෙන්ඩිස් එහි පසුවන්නේ  22 වැනි ස්ථානයේයි.