Wednesday, May 15, 2024

General line - 0115112241

පන්දුවක් හිසේ..පකිස්ථානු ක්‍රිකට් තරුව පිටියේම මරුට - අවාසනාවන්ත මොහොත මෙන්න 




පන්දුවක් හිසේ වැදීමෙන් පකිස්ථානයේ ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුබයිර් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව THE TIMES OF INDIA වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ප්‍රාන්ත ක්‍රීඩා සමාජ තරගයක දී මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන අතර පන්දුව එල්ල වන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවයි වැඩි දුරටත් එම පුවත් අඩවිය සඳහන් කර ඇත්තේ.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ "Tragic death of Zubair Ahmed is another reminder that safety gear i.e. helmet must be worn at all times. Our sympathies with Zubair's family".යනුවෙනුයි.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප සහ ක්‍රීඩකයාගේ මරණයෙන් අනතුරුව නිකුත් වූ පණිවිඩ පහතින් දැක්වෙනවා.