Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් රේඩියෝවේ නම ව්‍යාජ ලෙස යොදාගෙන ආධාර එකතු කළ දෙදෙනෙක් රිමාන්ඩ්




නෙත් එෆ් එම් රේඩියෝවේ නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් කුරුණැගල දිස්ත‍්‍රික්කයේ ආධාර එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 6 වනදා දක්වා අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, මහව මහේස්ත‍්‍රාත්වරයාගේ  නියෝගයකට අනුවයි. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන  මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පොල්පිතිගම පොලිසිය විසින්.

පසුගිය දිනවල කුරුණෑගල දිස්ති‍්‍රක්කය පුරා නෙත් එෆ් එම් රේඩියෝවේ නම යොදා ගනිමින් මොවුන් ආධාර එකතුකරන බවට තොරතුරු වාර්තා වුණා.

ඒ පිළිබඳ සිදු කළ පැමිණිල්ලකට අනුවයි ආධාර එකතුකිරීමට යොදාගත් NW PY 5925 දරණ අංකය සහිත ලොරි රථය සහ ආධාර එකතුකළ පුද්ගලයන් දෙදෙනා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මාඑළිය දාගම කබල්ලෑලෙන රජ මහ විහාරස්ථානයට සම්බන්ධව මොවුන් කටයුතු කර තිබෙනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාවා ඇල්ලේ සුධම්ම හිමියන්ගෙන් ද මේ පිළිබව ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද මහව මහේස්ත‍්‍රාත්වරයා පොල්පිතිගම පොලිසියට නියෝග කළා.

මෙවැනි මුදල් ආධාර එක්රැස් කිරීමේ කටයුතු සහා නෙත් එෆ් එම් රේඩියෝවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව නෙත් ශ‍්‍රාවකයින්ට අප යලි දැනුම් දෙනවා. මෙවැනි කණ්ඩායම් පිළිබ තොරතුරු ලදහොත් වහාම ළම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 0112  50 70 80 සහ 077 200 18 65 දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි නෙත් ශ‍්‍රාවකයින්ගෙන් අප නැවත ඉල්ලා සිටින්නේ. 

----------------------

හසු නොවන්න! නෙත් FM නමින් ආධාර එකතු කිරීමේ ජාවාරමක්! (03-03-2018 06:46)

නෙත් එෆ් එම් රේඩියෝවේ නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් කිසියම් පිරිසක් ආධාර එකතුකරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් මේ දිනවල විහාරස්ථානයකට යැයි පවසමින් කුරුණෑගල දිස්ති‍්‍රක්කය පුරා ආධාර එකතුකරන බවටයි අප වෙත තොරතුරු වාර්තාවුණේ. NW PY 5925 දරණ අංකය සහිත රථයක කරඬුවක් ප‍්‍රදර්ශනය කරමින් මෙම පිරිස ආධාර ඉල්ලා සිටින බවද වැඩිදුරටත් අනාවරණ වුණා.

ඔවුන් ඊයේ දිනයේද කුරුණෑගල, අවට ප‍්‍රදේශ කිහිපයක එලෙස ආධාර එකතු කර ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ. කෙසේවෙතත් එවැනි ආධාර එකතු කිරිමේ කටයුත්තකට නෙත් එෆ් එම් රේඩියෝවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අප ශ‍්‍රාවකයන් වෙත දැනුම් දෙනවා.

මෙවැනි කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලද හොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 0112507080 ඔස්සේ නෙත් එෆ් එම් රේඩියෝව වෙත දැනුම් දෙන ලෙසයි අප මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.