Saturday, May 18, 2024

General line - 0115112241

බැලූම්ගලින් අනාවරණ කර දුන් පාතාලයේ පස් පොඩ්ඩා අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරූණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඞ්ඩා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

, නැදගමුව කොටුගොඩ ප‍්‍රදේශයේ අද අළුයම සිදු කළ වැටලීමකදියි. හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඞ්ඩා සිදු කළ පස් ජාවාරම් සහ පාතාල කල්ලි ක‍්‍රියාකාරකම් පිළිබ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන අවස්ථා දෙකකදී කරුණු අනාවරණ කළා.

ඔහු සමග වැල්ලගොඩ ළහිරු නවෝද පෙරේරා නොහොත් අලයා සහ දිසානායක මුදියන්සේගේ ප‍්‍රදීප් සම්පත් නැමැත්තා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ටී56 ගිනි අවියක්, එම උණ්ඩ 58ක සහ මැගසින්01 ක්, අමෙරිකාවේ නිෂ්පාදිත ස්වයංකී‍්‍රය පිස්තෝලයක්, එම උණ්ඩ 08ක සහ මැගසින්01ක්, මිලි මීටර් 38වර්ගයේ රිවෝල්වරයක් සහ එම උණ්ඩ 03ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

----------------

පස් පොඩ්ඩා අත්අඩංගුවට (03-03-2018 13:05)

අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ගම්පහ පොලීසියට ලද තොරතුරක් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ගම්පහ - නැදගමුව - කොටුගොඩ ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ මෙහෙයුමකදී මොහු මෙන්ම, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙලෙස ඔහු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු වන ළහිරු නවෝද පෙරේරා නොහොත් අලයා සහ දිසානායක මුදියන්සේලාගේ සම්පත් ප්‍රදීප් යන අයයි.