Saturday, May 18, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතුරක්




සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සහා 2016දී අයදුම්පත් කැවූවද පැවති අඩුපාඩු හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වූ බව එම අමාත්‍යංශය පවසනවා.

, අධ්‍යක්ෂ තනතුරු මගින් පාලනය වන රෝහල් 110ක නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් දා කළ ප‍්‍රකාශයට පිළිතුරු වශයෙන්.

එමෙන්ම මෙම පුරප්පාඩු සම්බන්ධයෙන් වෛද්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් පිරිසක් නඩුවක් ද ගොනු කර තිබෙනවා. මෙම කරුණු සළකා බලා නිලධාරීන් පත් කිරීම සහා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පියවර ගෙන තිබූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඒ සහා එල්ල වූ ප‍්‍රතිවිරෝධතා හමුවේ කැබිනට් අනු කමිටු 2ක් සහ විද්වත් කමිටු 2ක් මගින් නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව 2018 ජනවාරි 30 වනදා නිර්දේශ ලබාදී ඇති බව සහන්.

එම නිර්දේශ අනුව රාජය සේවා කොමිසම සමග සාකච්ඡා කර සම්මුඛ පරීක්ෂණ කඩිනම් කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. ඒ අනුව, ඉදිරි දෙසතිය තුළ මේ සහා විසඳුම් ලබා දීමට හැකි බව ද අමාත්‍යංශය වැඩිදුරටත් සහන් කළා.