Saturday, May 18, 2024

General line - 0115112241

රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06 ඇතුළත රැකියා




රැකියා නොමැති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් කල්දැමුණු සම්මුඛ පරීක්ෂණ ද ඉදිරි මාස දෙක තුළදී පවත්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මඩකලපුව වෙබර් කී‍්‍රඩාංගණයේ පැවති මඩකලපුව දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

උපාධිධාරීන් දෙසිය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් හතළිස් දෙදෙනෙකුට මෙහිදී පත්වීම් ප‍්‍රදානය කෙරුණා.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ ගුරු වෘත්තීයේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.