Saturday, May 18, 2024

General line - 0115112241

තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවෙයි




තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය කිසිසේත්ම ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ ප‍්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම සහ වකුගඩු රෝගී ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ව්‍යාපෘතියක් අරඹා ඇති බවයි.

තඹුත්තේගම ජල සම්පාදන ක‍්‍රමය මහවැලි ව්‍යාපාතීය යටතේ ඉදිකර ඇති අතර එමගින් දිනකට ජලය ඝන මීටර් 2500ක් නල්ලච්චි වැවෙන් ලබාගෙන පිරිපහදු කර නිවාස 4750කට ලබාදෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවේ ණය ආධාර ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

ප‍්‍රදේශයේ පවතින භූගත ජලයේ ප‍්‍රමාණාත්මකභාවයේ හා ගුණාත්මකභාවයේ ඇති විය හැකි ගැටලූ නිසා මතුපිට ජල ප‍්‍රභවයකින් ජලයා ලබාගෙන පිරිසිදු කර මහජනතාවට සැපයිය යුතුයි. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් රාජාංගණය ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක‍්‍රමය සඳහා ජලය ලබා ගැනීමට තීරණය කළ බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

මෙම ව්‍යාපෘතිය ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධික්ෂණය යටතේ සිදුවන රජයේ සංවර්ධන ව්‍යාපෘතියක්. එහි සැළසුම් කටයුතු නිම වූ පසු සිය මණඩලය මගින් එය නඩත්තු කරමින් පාලනය කරන බවයි එම මණ්ඩලය කියා සිටියේ.

මෙම ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් තඹුත්තේගම ඉකත්දා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගැනුනු 50 දෙනෙකු මේ වන විට රක්ෂීත බන්ධනාගාර ගත කර සිටිනවා.