Saturday, May 18, 2024

General line - 0115112241

දකුණේ ධීවරයන්ට රතු නිවේදනයක්




පවතින වර්ෂාව හේතුවෙන් ධීවර කටයුතුවලදී විමසිලිමත් වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දකුණේ ධීවරයින් දැනුම් දෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වන ධීවර ජනතාවට අවදානමක් පවතින බවයි.

අද (03) රාත‍්‍රියේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ මලිත් ප‍්‍රනාන්දු කියා සිටියේ තද වැසි සමගින් සුළං වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති බවයි.