Saturday, May 18, 2024

General line - 0115112241

විධායක ජනපති ධුරය අහෝසි කරන්න ජවිපෙ පෙරට




වත්මන් දේශපාලන අස්ථාවරත්වය සමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහා තම පක්ෂය පෙරමුණ ගෙන කටයුතු කරන බව ජනතා විමුක්තා පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ විධායක ජනාධිපති ධුරය තවදුරටත් රටට අවශ්‍ය නොවන බවයි.

පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ දේශපාලනමය කඩා වැටීමක් පෙන්නුම් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ඔහු ප‍්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණු සභිකයින්ගේ හමුවකට එක්වෙමින්.