Saturday, May 18, 2024

General line - 0115112241

නිහඬව තමන් දේශපාලනය කරන බව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්




තම ඉදිරි දේශපාලන කටයුතු නිහව සිදු කරමින් සිටින බව හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

තඹුත්තේගම ජල ගැටලූව සම්බන්ධයෙන් සහ ඉකුත් ආණ්ඩුව සමයේ සිදු රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදි ප‍්‍රශ්න කෙරුණා. එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සිද්ධියේ දී නින්දිත ලෙස පොලිසියෙන් පහර දීම තමන් දුටු බවයි.

එමෙන්ම තඹුත්තේගම ජල ගැටලූව හා රතුපස්වල සිද්ධිය අතර විශාල වෙනසක් ඇති බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.