Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මරුට (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ්‍රී පාදය වන්දනා කිරිමට ආ තරුණයෙක් නල්ලතන්නිය ශීත ගඟුල ප්‍රදේශයේදී දියනෑමට ගොස් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ අද (03) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වත්තල - මාබෝල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි.

ඔහු පවුලේ සාමාජිකයන් හා මිතුරන් කිහිපදෙනෙකු සමග අද (03) අලූයම නිවසෙන් පැමිණ ඇත්තේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරිමටයි.

මියගිය තරුණයා ශ්‍රී පාදයේ සිට මාවුස්සාකැලේ ජලාශයට ජලය ගලා බසිනා නල්ලතන්නිය ප්‍රදේශයෙන් ශීත ගගුලට බැස තිබෙනවා.

මද වෙලාවකට පසු ශරිරයට අධික ශීතලක් දැනෙන බව පවසමින් තරුණයා ශීත ගඟුලට ඇද වැටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණයාගේ සිරුර මස්කෙළිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.