Saturday, May 18, 2024

General line - 0115112241

ගෙට ඇතුල් වූ අසල්වැසියා කාන්තාවගේ බෙල්ල අතගාලා




රාත්‍රි කාලයේදී නිවසකට ඇතුලු වූ පුද්ගලයෙකු කාන්තාවකගේ ගෙල ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කර නිවසේ තිබූ රුපියල් විසිදහසක මුදලක් සහ අත්ඔරලෝසුවක් සොරකම් කිරීමේ සිද්ධියක් ගාල්ල කුඹල්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවෙන අතර පැමිණිලිකාරිය ඇයගේ  පියා  සහ පුතා සමග මෙම නිවසේ පදිංචිව සිටිනවා.

පසුගිය 03 වැනිදා රාත්‍රි 9.00 ට පමණ නිවසේ නිදා සිටියදී තමාගේ බෙල්ල කිසිවෙකු විසින් අතගාන බව දැනී අවදි වී කෑගසා නිවසේ විදුලි පහන් දැල්වූ බව ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. පසුව අසල නිවසේ පදිංචි  පුද්ගලයෙකු සිය නිවසේ පිටුපස දොරින් පිටව යනු දක්නට ලැබුනු  බවද ඇය පොලීසියට පවසා තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.