Saturday, May 18, 2024

General line - 0115112241

පුවත් මවන ජෙනිෆර්ට ඔස්කාර් සම්මාන උළලේදී වෙච්ච දේ (PHOTOS) (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජෙනිෆර් ලෝරන්ස් යනු ලෝක සිනමාවේ හිනිපෙත්තේ වැජඹෙන ජනප‍්‍රිය නිළියක්. ඇයගේ රගපෑම වගේම ඇය කරන ඇතැම් කටයුතු හේතුවෙනුත් ඇය නිරන්තරයෙන් කථා බහට ලක්වනවා.

මේ වන විට පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේදීද ජෙනීෆර් පුවත් මවන්නට සමත් වී තිබෙනවා.

ඒ එක් අතකින් වයින් පිරවූ වීදුරුවක්ද සමග සම්මාන උළලේ පුටු උඩින් පනිමින් තමාගේ ආසනය වෙත ගමන් කරන ආකාරය දැක්වෙන ජායාරූප පෙළක් අන්තර්ජාලයට එක් වීමත් සමගයි. එලෙස පැන ගොස් පසුව ඇය හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමග කථා බහ කරන අයුරුද එහි සඳහන්.

මෙම සිද්ධිය දැඩි අවධානයක් යොමුකළ සිද්ධියක් බවට පත්වූයේ මීට පෙර ඔස්කාර් සම්මාන උලෙළ දෙකකදීම ඇය ඇදවැටීම හේතුවෙන්. 2014දී රතු පළස මත ඇය ඇද වැටුණා.

 

 

පසුව යළි 2015 වසරේදී සම්මානය ගැනීමට යැමේදී ජෙනිෆර් ලෝරන්ස් ඇද වැටුණා. ජෙනිෆර් ලෝරන්ස් යනු ද හන්ගර් ගේම්ස්, ඇමෙරිකන් හසල්, පැසෙන්ජර්ස් යන චිත‍්‍රපට හරහා දැඩි කථාබහට ලක් වූ නිළියක්.