Friday, May 17, 2024

General line - 0115112241

කරුණානිධිගේ අවමගුල් උත්සවයේ ඇතිවු තෙරපුමෙන් පුද්ගලයින් 2ක් මරුට

දිනුක් හේවාවිතාරණ




අභාවප්‍රාප්ත තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ දේහයට අවසන් ගෞරවය දැක්විමට පැමිණ සිටින අතිවිශාල ජනකාය අතර ඇතිවු තෙරපිමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කරුණානිධි මහතාගේ දේහය මහජන ගෞටවය සදහා අද (08) උදෑසන සිට චෙන්නායි හී පිහිටි රාජාජී ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද සවස සිදුකිරිමට නියමිතයි.

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලකයින් රැසක් අභාවප්‍රාප්ත කරුණානිධි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට එහි පැමිණියා.

කරුණානිධි මහතාගේ අවසන් කටයුතු සිදු කරනු ලබන ස්ථානය පිලිබදව තමිල්නාඩු රජය සහ පක්ෂය අතර පැවති මතවාදය අවසානයේදි මදුරාසි මහාධිකරණය දක්වා ගියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලිමෙන් අනතුරුව මදුරාසි මහාධිකරණය තිරණය කලේ පක්ෂයේ ඉල්ලිම පරිදි කරුණානිධි මහතාගේ අවසන් කටයුතු මරිනා වෙරළ තිරයේ සිදුකිරිමට ඉඩ ලබා දිමටයි.

මේ අතර හිටපු තමිල්නාඩු මහ ඇමතිවරයාගේ අභාවය ගැන ශෝකය පළ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක ආර්. සම්පන්දන් සහ උතුරු පලාත් මහ ඇමති සි.වි. විග්නේෂ්වරන් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

මේ හිටපු මහ ඇමතිවරයාගේ අභාවය සැලවිමත් සමග ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් හෘදයාබාධයන්ට ගොදුරුවි මිය ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.