Saturday, May 4, 2024

General line - 0115112241

සුර්යා ගේ අභිරහස් සෙවීමේ නාසා ප්‍රයත්නය ප්‍රමාද වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ නාසා ආයතනය විසින් සුර්යා සමීපයට චන්ද්‍රිකාවක් යැවීමට ගනු ලැබූ තීරණය ප්‍රමාද කර තිබෙනවා. ඔවුන් පෙර සැලසුම් කර තිබුනේ එම චන්ද්‍රිකාව අද (11) කක්ෂගත කිරීමටයි.

නාසා ආයතනය නිවේදනය කරන්නේ අද ෆ්ලොරිඩා සිට දියත් කිරීමට තිබු චන්ද්‍රිකාව අවසන් නිරීක්ෂණයෙන් අනතුරුව පැය 24 ක කාලයක් සදහා ප්‍රමාද කළ බවත් එය හෙට (12) දිනයේදී දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඩෙල්ටා - IV යනුවෙන් නම් කර ඇති මෙම චන්ද්‍රිකාව මානව ඉතිහාසයේ නිපදවූ වේගෙන්ම චලනය වන වස්තුව ලෙස හදුන්වන බව නාසා ආයතනය පවසනවා.

අද දිනයේදී චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට සුදානම්ව සිටියදී ඇතිවූ කාල ඝණනය කිරීමේ පද්ධතියේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වූ බවයි නාසා ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ.

සුර්යා ගේ හැසිරීම පිලිබදව දිගු කාලීනව අබිරහසක්ව පවතින දත්ත ලබා ගැනීමත් එමෙන්ම තාරකා මණ්ඩලයෙන් පිටත වායුගෝලයේ පවතින දත්ත රැස්කිරීම සහ ඒවා පෘථිවියට ලබා දීම මෙම ඩෙල්ටා - IV චන්ද්‍රිකාව මගින් සිදුකරනු ඇති.

හෙට දිනයේදී චන්ද්‍රිකාව දියත් කිරීමෙන් අනතුරුව සති 06 ක කාලයක් ගතවීමෙන් අනතුරුව එය සිකුරු ග්‍රාහකයා සමීපයට ගමන් කරනු ඇති බවත් ඉන් අනතුරුව සුර්යා සමීපයට ගමන් කිරීමට තවත් සති 06 ක් ගතවනු ඇති බවයි නාසා ආයතනය සදහන් කරන්නේ.

මෙම චන්ද්‍රිකාව සුර්යාට කිලෝමීටර් මිලියන 6.12 ක් ආසන්නයට ගමන් කරනු ඇති. මිට පෙර සුර්යා සමීපයට චන්ද්‍රිකාවක් ගමන් කරනු ලැබූ දුර ප්‍රමාණය වුයේ කිලෝමීටර් මිලියන 43ක් වන අතර ඒ 1976 වර්ෂයේදී ගුවන් ගත කරන ලද Helios-2  යානය මගින්ය.