Saturday, May 4, 2024

General line - 0115112241

එංගලන්තයේ වෙඩි තැබීමක් - ත්‍රස්ත ක්‍රියාවක්දැයි සැක

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මැන්චෙස්ටර් නුවර වීථියක අද (12) අලුයම  පැවැති සැණකෙළියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සඳහන්. සිද්ධිය වාර්තාවීමත් සමග ආයුද සන්නද්ධ ආරක්ෂක අංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබෙනවා. 

අනතුරුව ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙය ත‍්‍රස්ත කි‍්‍රයාවක්ද යන්න බලධාරීන් මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ. එහෙත් බරපතල සිද්ධියක් වන බැවින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.