Friday, May 3, 2024

General line - 0115112241

සුර්යාගේ තොරතුරු සොයා "පාකර්" ගුවන් ගත වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සුර්යාගේ තොරතුරු සෙවීම සදහා අභ්‍යාවකාශයට යැවීමට සුදානම් කරන ලද "පාකර් සුර්ය නිරීක්ෂණ" චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නාසා ආයතනය අද (12) සමත් වුනා.

ඩෙල්ටා - IV යනුවෙන් නම් කර ඇති රොකට්ටුව මානව ඉතිහාසයේ නිපදවූ වේගෙන්ම චලනය වන වස්තුව ලෙස හදුන්වන බව නාසා ආයතනය පවසනවා.

නාසා ආයතනය විසින් සිදුකරනු ලබන මෙම නිරීක්ෂණය සදහා කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව සුර්යාට කිලෝමීටර් මිලියන 6.12ක් ආසන්නයට ගමන් කරනු ඇති අතර මෙතෙක් මානව ඉතිහාසයේ සුර්යාගේ සමිපතයටම චන්ද්‍රිකාවක් ගමන් කරනු ලබන පළමු අවස්ථාව මෙය වනවා.

මිට පෙර සුර්යා සමීපයට චන්ද්‍රිකාවක් ගමන් කරනු ලැබූ දුර ප්‍රමාණය වුයේ කිලෝමීටර් මිලියන 43ක් වන අතර ඒ 1976 වර්ෂයේදී ගුවන් ගත කරන ලද Helios-2  යානය මගින්.

1958 වසරේදී "සුර්ය සුළං" පිළිබඳව පළමු වරට සොයා ගනු ලැබූ තාරකා භෞතික විද්‍යාඥ ඉයුජින් පාර්කර් ගේ නමින් මෙම චන්ද්‍රිකාව නම් කිරීමට නාසා ආයතනය පියවර ගෙන ඇති අතර එය ජිවතුන් අතර සිටින මිනිසෙකුගේ නමින් චන්ද්‍රිකාවක් නම් කල ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස සැලකෙනවා.

ඉදිරි වසර 07 ක කාලය තුලදී පාකර් සුර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාව මගින් සුර්යාගේ තොරතුරු ගවේෂණය කරමින් එහි දත්ත පෘථිවියට ලබා දෙනු ඇති.

සබැදි පුවත්  සුර්යා ගේ අභිරහස් සෙවීමේ නාසා ප්‍රයත්නය ප්‍රමාද වෙයි