Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ ගුවන් අනතුරකින් දරුවෙකුගේ දිවි බේරෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දුනීසියාවේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරකින් වයස අවුරුදු 12ක කුඩා දරුවෙකු දිවි බේරාගෙන තිබෙනවා. සහන කණ්ඩායම්වලට ඔහු හමු වනවිට සිහිසුන්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද (12) සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. යානය ගුවන්ගත වී කෙටි වේලාවකින් එහි සංඥා අක‍්‍රීය වී ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා. අනතුර සිදු වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග යානයේ ගමන් ගෙන ඇති සංඛ්‍යාව 09ක්.

අනතුර සිදුව තිබුණේ පැපුවානිව්ගිිනියාවට ආසන්න කදුකර ප‍්‍රදේශකදීයි. මීට වසර 03කට පෙර මෙම ප‍්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් 54 දෙනෙකුට දිවි අහිිමි වුණා.