Saturday, May 4, 2024

General line - 0115112241

සිරියාවේ තවත් අනුකම්පා විරහිත ව්‍යවසනයක් (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ වයඹදිග ප‍්‍රාන්තයේ කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ප‍්‍රදේශයක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

ඒ සමග ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 39ක්. ඒ අතරට ළමුන් 12 දෙනෙකු ද අයත්. තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බවටයි වාර්තා පළ වන්නේ. 

මෙම පිපිරීම හමුදා මැදිහත්මක් මත සිදුවූවක්දැයි නැතහොත් වෙනත් සිද්ධියක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. පිපිරීම සිදු වූ ඉඞ්ලිබ් ප‍්‍රදේශය, කැරළිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප‍්‍රධාන ස්ථානයක්. සිරියානු හමුදාවේ මීළග ප‍්‍රධාන ඉලක්කය වන්නේද මෙම ප‍්‍රදේශයයි.  

මීට පෙර අවස්ථාවලදීද සිරියාවේ ජනතාවට මේ ආකාරයෙන් දරුණු තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වුණා.
 

(වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න)