Saturday, May 4, 2024

General line - 0115112241

සංගීත සංදර්ශනයක් අතර වේදිකාවක් කඩා වැටී 300ක් රෝහලේ (PHOTO)

දිනුක් හේවාවිතාරණ




ස්පාඤඤයේ සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටි පුද්ගලයින් රැඳී සිටි වේදිකාවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 300 දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට පොලිසිය සදහන් කරනවා.

වයඹ දිග ස්පාඤඤයේ ගලීසියා නගරයේ පැවති රැප් ගායකයින්ගේ සංගීත සංදර්ශනයක් නැරඹීම සදහා මුහුදු වෙරළ ආශ්‍රිතව ඉදිකර තිබු ලී වේදිකාවක් මෙලෙස කඩා වැටී ඇති අතර ඒ මත සිටි පුද්ගලයින් මෙලෙස තුවාල ලබා තිබෙනවා. 

සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර සිටියේ වේදිකාව කඩා වැටෙන විට ඒ මත සිටි ඇතැම් පුද්ගලයින් ඒ අසල තිබුණු මුහුදට ඇඳ වැටුණු බවත් අසල සිටි පිරිස් ඔවුන් බේරා ගැනීමට සමත්වූ බවයි.

තුවාල ලබා සිටින පුද්ගලයින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට රෝහල් ආරංවි මාර්ග උපුටා දක්වමින් BBC පුවත් සේවය සදහන් කරන්නේ.