Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ මුදල් නෝට්ටු කතාවෙන් ඉන්දියාව ගිනි ගනියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ මුදල් නොට්ටු මුද්‍රණය කිරීම සදහා චීනයේ සමාගමකට අවසර ලබාදී ඇති බව දන්වමින් පලව තිබෙන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය නිවේදනය කරනවා.

චීනයේ පුවත්පතක් සදහන් කලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා එම සමාගමට අවසර ලැබී ඇති බවයි. 

එම පුවත පලවී සුළු කාලයක් ඇතුලත ඉන්දියානු සමාජ මාධ්‍ය ජාල හරහා එය හුවමාරු වීමත් සමග ඉන්දීය රජයට එරෙහිව දැඩි ජනතා විරෝධතාවයක් මතුවී තිබෙනවා.

එම විරෝධතාවයන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කලේ ඉන්දියාව සිය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා කිසිදු විදේශ සමාගමක් සමග ගිවිසුම් ගතවී නොමැති බවයි. එමෙන්ම රටට අවශ්‍ය කරනු ලබන මුදල් මුද්‍රණය කරනු ලබන්නේ අධි ආරක්ෂිතව පිහිටා ඇති මුද්‍රණාල 04 ක බවයි.

ඉන්දියාවේ බහුතර දේශපාලකයින්ගේ මතය වී ඇත්තේ රජය මෙවැනි තීරණයක් ගනු ලබන්නේ නම් එය එරට මුල්‍ය ස්වාධිපත්‍යට එල්ල වන පහරක් බවයි.