Wednesday, May 15, 2024

General line - 0115112241

අගමැති යළි දිවයිනට (UPDATE)




ඉන්දුනීසියාවේ ජකාර්තා හි පැවති 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගි වූ  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (03) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ රාතී‍්‍ර  11.55 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.

12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවේ සමාරම්භක දේශණය පැවැත්වූයේද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. එහිදී රටවල් කිහිපයක නායකයන් සමග අග‍්‍රාමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුවා.

රටවල් කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කිරීමද මෙහෙදී සිදුවූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.


අවි – මිනිස්- මත්ද්‍රව්‍ය ජාවාරම් මඩින හැටි ගැන සාකච්ඡා

(Aug 3, 2016 @ 17:15)

අවි, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට සාමුහික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජකර්තා අගනුවර දී එරට දේශපාලන, නීතිය හා ආරක්ෂක අමාත්‍ය විරන්තෝ මුණගැසී සාකච්ඡා කළා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයත් ඉන්දුනීසියාවේ දේශපාලන, නීතිය හා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් කඩිනමින් පැවැත්විය යුතු බව ද තීරණය වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

(එම නිවේදනය පහතින්)

Press Release (3) - August 03_2016_MG_0108 _MG_0117 _MG_0119


අගමැති දැවැන්ත සැලැස්ම ගැන හෙළි කරයි

(Aug 2, 2016 @ 17:47)

ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගරයේ භූ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ බලාපොරොත්තු සහිතව නව වැඩසටහන් රැසක් හඳුන්වාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැලැස්මක් සහ මහාපරිමාණ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ද හඳුන්වාදෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති 12 වන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින්.

රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ ඉන්දියාව සමග එක්ටා ගිවිසුම මේ වසර අවසන් වන විට සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කරන බවයි. ජී.එස්.පී. ප්ලස් නැවත ලබාගැනීමටත්, චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම සම්පූර්ණ කරගැනීමටත් අපේක්ෂා කරන බව අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

සිංගප්පූරුව, ජපානය. ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ මියන්මාරය සමග ද වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීමට නියමිතයි. එමෙන්ම අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය සමගද එවැනි ගිවිසුම් කෙරෙහි ලබන වසරේදී අවධානය යොමුකරන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)

Press Release (1) - August 02_2016 (Sinhala)-1 Press Release (1) - August 02_2016 (Sinhala)-2 Press Release (1) - August 02_2016 (Sinhala)-3 Press Release (1) - August 02_2016 (Sinhala)-4 Press Release (1) - August 02_2016 (Sinhala)-5 Press Release (1) - August 02_2016 (Sinhala)-6

01 02 03 04 05 06 07 08 09 10 11 12 16 19