ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවට එක්වෙමින් පක්ෂ නායකයින් විවේචනය කළ සහ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඉදිරි තීරණ ගනු ඇති බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පැවසුවේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් පාද යාත‍්‍රාවට සම්බන්ධ වූ අය නොවන බවයි.