පල්ලෙබැද්ද ඓතිහාසික ශී‍්‍ර සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම අද (03) පස්වරු 8.18ට යෙදෙන සුබ මොහොතේ සිදු කෙරෙනවා.
ඇසළ මහා පෙරහර මංගල්‍යය පිළිබඳ කරුණු දැක්වූ පල්ලෙබැද්ද ශී‍්‍ර සංඛපාල රජමහා විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සැප්තැම්බර් මස 14 දා සිට 22 දක්වා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බවයි. 20දා මහ පෙරහැර පැවැත්වෙන අතර 21දා දිය කැපීම සහ ගම්මඩු ශාන්තිකර්මය පැවැත්වෙනවා. 22දා උදෑසන දේවදානය පිරිනැමීමෙන් පසු ඇසළ මහා පෙරහර මංගල්‍යය නිමාවනු ඇති.
පෙර වසරදී මෙන්ම මෙවරද මෙම පෙරහැර මංගල්‍ය සදහා මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.