Wednesday, May 15, 2024

General line - 0115112241

ජන සටනේ සටන් පාඨ කියූ දරුවා ගැන විමර්ශන




ජන සටන පාද යාත‍්‍රාවේදී කුඩා දරුවෙකු සටන් පාඨ කියමින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති නටාෂා බාලේන්ද්‍ර සඳහන් කළේ තම අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව අදාළ විමර්ශන ආරම්භ කළ බවයි. පාද යාත‍්‍රාවට සහභාගි වූ කුඩා දරුවෙකු විවිධ සටන් පාඨ කියමින් හැසිරෙන ආකාරයේ වීඩියෝවක් ඉකුත් දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවිවල පළ වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නටාෂා බාලේන්ද්‍රගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ මෙම දරුවාට මින් සිදු වූ බලපෑම පිළිබඳවද සොයා බලන බවයි.