Wednesday, May 15, 2024

General line - 0115112241

දෙමව්පියන් පිරිසක් ජනපති හමුවෙයි




යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (04) පැවැත්වෙනවා.

ඊට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්ති අරුසරත්නම් සහ ආචාර්යවරුන් කිහිප දෙනෙකුද සහභාගිවීමට නියමිතයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත්දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන් පිරිසක් තවමත් නිසි පරිදි අධ්‍යයන කටයුතුවලට සහභාගි වන්නේ නැහැ.

ඒ ඔවුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බව පවසමින්. අද පැවැත්වෙන සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන්ද අවධානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.